හෙරොයින් කිලෝ 45ක් සමඟ හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් සමග යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු හොරණ ප්‍රදේශයේ පානදුර විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට තිබෙනවා.
ඔවුන් ගමන් කරමින් සිටි වාහනය ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
එම හමුදා සාමාජිකයින් දෙදෙනා ගෙන් එක් අයෙකු හමුදා සේවයෙන් පැන ගොස් සිටිය අයෙකු බවත් අනෙක් සාමාජිකයා මේ වන විටත් හමුදා සේවයේ යෙදී සිටින අයෙක් බව වාර්තා වනවා.
එමෙන්ම ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ යුද හමුදාවට කුලී පදනම මත ලබා ගන්නා වාහනයකින් බවට සිදුකළ විමර්ශන වලදී හෙළිවූ බවට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.
604 Views
Comments