කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පෙරට

මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන් ගේ සංසදය පවසනවා
පොලිස් ළමා හා කාර්යංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ බිම්ශානි ජාසිංහආරච්චි ගේ පත්වීම අභියෝගයට ලක් කිරීම හෙළා දකින බවද එම සංසදයේ සභාපතිනි රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටිනවා.
ඇය මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි
මෙහිදී සභාපතිවරිය පෙන්වා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීම පිළිබඳව තම සංසදය ඉතා සතුටට පත් වූ බවත් එය බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලීසිය වැනි ආයතනයක කාන්තාවක් උසස්ම තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සලකන බවයි.
නමුත් ඇයට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තම අප්‍රසාධය පල කරන අතරම ශ්‍රී ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ට සිය උසස්වීම් ක්‍රමවත්ව ලබා ගැනීමේ හිමිකම තිබියයුතු බව තම විශ්වාසය බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙහිදී පෙන්වා දුන්නා.
713 Views
Comments