ඇමති විමල්ගේ බිරිඳගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
11

ඇමති විමල්ගේ බිරිඳගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

ඇමති විමල්ගේ බිරිඳගෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් සිදුකර ඇති බව කියන ප්‍රචාරයන්ට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

 

ඇය එම අවස්ථාවේදී පවසා ඇත්තේ දේශපාලන කටයුතුවලට තමාගේ හෝ දරුවාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

 

දින කිහිපයක සිට ශෂී වීරවංශගේ  පෞද්ගලික ජීවිතයට බලපෑමක් වන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටි බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නයෝමි අභයවික්‍රම මහත්මිය මාධ්‍ය වෙත පැවසුවා.

 

ඇය කිසියම් පුද්ගලයකු සමග විදේශ ගත වූ බවට දැක්වෙන සමාජ මාධ්‍ය ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම ප්‍රචාරයන් සිදු කරන අයට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ගොනු කළ බවයි නීතිඥවරිය කියා සිටියේ.

views

848 Views

Comments

arrow-up