තැපැල් ඡන්දයට සියල්ල සූදානම්

මාර්තු මාසය ඇතුලත පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සිදුකරන බැවින්, එම ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වන දා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටී.
මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 400 කට අධික මුදලක් වැය වෙන බවට ඇස්තමේන්තු කර ඇති බවත්, ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මැතිවරණයේ සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා අද දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බවත්, රජයේ මුද්‍රණාලය පවසයි.
මේ වන විට දිස්ත්‍රික් 17 ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති අතර, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාව ලබාදෙන්නැයි පොලිස්පතිවරයාගෙන් අද දිනයේ ඉල්ලීමක් කරන බව ද, ඉන් පසු මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාර මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරන බව ද රජයේ මුද්‍රණාලය සඳහන් කර සිටී.
208 Views
Comments