යාලට විදෙස් සංචාරකයන්ගෙන් ලක්ෂ 72ක ආදායමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

යාලට විදෙස් සංචාරකයන්ගෙන් ලක්ෂ 72ක ආදායමක්

යාලට විදෙස් සංචාරකයන්ගෙන් ලක්ෂ 72ක ආදායමක්

සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල් 72,01541) වාර්තාගත ආදායමක් ලැබී ඇත.

 

ඒ අනුව නොවැම්බර් මස 30 වැනිදා පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551 දෙනකු වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් හැටදෙලක්‍ෂ දහනම දහස් පන්සිය හැටකි.

 

එමෙන්ම දෙසැම්බර් මස 05 වැනිදා පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86දෙනකු වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ. එමගින් ලද ආදායම නව ලක්‍ෂ අසූ එක් දහස් නවසිය අසූ එකකි.

 

විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණයක් වැඩිපුර විවෘත කර තබන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

 

එමෙන්ම ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත අධි සුඛෝපභෝගී නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධ වී අදාළ කටයුතු විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නැයි ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

views

192 Views

Comments

arrow-up