ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි - තද සුළං හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි පියවර ගන්න

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම සහඌව පළාත්වලත් පොළොන්නරුව,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.
කොළඹ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.
කොළඹ සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ.
සෙසු මුහුදු ප්‍රදේශ මද රළු ස්වභාවයේ පවතී.
783 Views
Comments