ඊයේ (13) දින හදුනාගත් ආසාදිතයන්ගේ තොරතුරු ..

ඊයේ (13) දිනය තුළදී මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයන් 655 දෙනාගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් වාර්තා වී ඇති අතර එම ගණන 444 බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41ක් ලෙස වාර්තා වුණා.
අනෙක් ආසාදිතයින් 90 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
875 Views
Comments