බස්නාහිර පළාතට එන අලුත්ම බස් රථ

සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ ධාවනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අදාළ යෝජනාව මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ වාණිජ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආරෝපිත විදුලිකෝෂ මඟින් ක්‍රියාත්මක බස්රථ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ධාවනයට යෙදවීම සිදුකෙරේ.
ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන ආනයනය සඳහා වැය වන පිරිවැය අවම කර ගැනීමේ පියවරක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය උපයෝගි කර ගෙන ධාවනය කළ හැකි බස් රථ හඳුන්වාදීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇති බැවින් රජය විසින් මෙලෙස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.
215 Views
Comments