තවත් කසළ කන්ටේනර් 242ක් නැවත බ්‍රිතාන්‍ය කරා යැවීමට නියෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

තවත් කසළ කන්ටේනර් 242ක් නැවත බ්‍රිතාන්‍ය කරා යැවීමට නියෝග

තවත් කසළ කන්ටේනර් 242ක් නැවත බ්‍රිතාන්‍ය කරා යැවීමට නියෝග

ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ හේලිස් ව්‍යාපාරය විසින් ගෙන්වා ඇති කසළ කන්ටේනර් තොගය නැවත බ්‍රිතාන්‍ය කරා යවන ලෙස අභියාචනාධිකරණය අද(14) නියෝගයක් නිකුත්කර ඇත.

පසුගිය කාලයේ කටුනායක භූමියක තිබී හමුවූ කසළ තොගයේ මෙන්ම වරායේ රඳවා තිබුණු කන්ටේනර් විශාල ප්‍රමාණයක භාවිතයට නුසුදුසු කුෂන් මෙට්ට, ඉවත දැමූ ගෘහ අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය ඇතුළු විෂ සහිත කසළ තොගයක් හමුවිය.

මේ තරම් විශාල කසළ ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ කිසිදු පූර්ව අවසරයකින් තොරව බව අනාවරණය වීමෙන් පසුව, ඒ සම්බන්ධ සමාගම ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් හේලිස් අනු සමාගමක් බව අනාවරණය විය.එහිදී ‘පරිසර යුක්ති කේන්ද්‍රය‘ විසින් පැනවූ නඩුවකින් පසුව මෙම කසළ තොගය නැවත ඒවා මෙරටට නැව්ගතකළ බ්‍රිතාන්‍ය වෙත යැවිය යුතු බව තීන්දු විය. 

views

667 Views

Comments

arrow-up