MAY
20
එළවළු මිල යලි ඉහළට… තක්කාලි කිලෝව 800යි

දේශිය වෙළදපොළේ උඩරට සහ පහතරට සැම එළවළු වර්ගයකම මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් සදහන් කරති.
ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එළවළු මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.
තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බීට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙන්දන් කියා සිටියි.
661 Views
Comments