ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 නැහැ - ලේකම්වරියට පිළිගන්න බැහැලු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 නැහැ - ලේකම්වරියට පිළිගන්න බැහැලු

ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 නැහැ - ලේකම්වරියට පිළිගන්න බැහැලු

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නොමැති බවට බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද පෙරවරුවේ සිට පුවරු එල්ලා තිබෙනු දක්නට ලැබිණි.

 

එම පිරවුම්හල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයකින් තොරව පැවතිණි‍.

 

ඒ අනුව, රථවාහන හිමියන්ට සිදු වූයේ, මිල වැඩියෙන් ගෙවා ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන මිලදී ගැනීමටය‍.

 

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පවසයි.

 

ඇය සඳහන් කළේ, අවශ්‍ය පෙට්‍රල් තොග දැනටම ත් තිබෙන බව ය.

 

''92 නම් නැති වෙන්න විදිහක් නැහැ කියන එක මට සහතිකවම කියන්න පුළුවන්'' යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

 

දැනට පවතින තත්ත්වය අනුව දෛනිකව පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,000ක් බව ත් 4,000 බැගින් දවස් 3කට පෙට්‍රල් තිබෙන බව ත් ඇය අප කළ විමසීමකදී පැවසීය.

 

එමෙන් ම ඔල්ගා මහත්මිය සඳහන් කළේ, අද (14) රාත්‍රීයේදී පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙනු ඇති බවය.

 

ඒ අනුව, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අද (14) දිනයේදී ලැබෙන බව ‍ඇය ප්‍රකාශ කළාය.

 

කෙසේ නමුත් ඉන්ධන පිරවුම්හල්වල ඇති පෙට්‍රල් පෝලිම් සම්බන්ධයෙන් තමන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දෙන බව කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියාය.

views

775 Views

Comments

arrow-up