ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 50%කට ඔක්සිජන් අවශ්‍යතාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 50%කට ඔක්සිජන් අවශ්‍යතාවක්

ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් 50%කට ඔක්සිජන් අවශ්‍යතාවක්

ඊයේ දිනයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසා සිටියේ කොළඹ ජාතික රෝහලේ මේ වනවිට කොවිඩ් රෝගීන් 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් 50%කට ඔක්සිජන් අවශ්‍යතාවක් ඇති බවත්ය.

 

 

ගමන් සීමාවන් සමග කොවිඩ් ආසාදනය වූ රෝගීන් ගණනේ අඩු වීමක් තිබුණද නැවතත් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව ඔහු කියා සිටියේය.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසා සිටියේ කොළඹ කොවිඩ් ආසාදනය වූවන්ගෙන් සියයට තිහක් ඩෙල්ටා ප්‍රභේදයට අයත් බවයි.

 

 

කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළදීම හා අනෙකුත් කොවිඩ් නීති රීති අනුගමනය කරමින් මෙම වෛරසය පැතිරීම අවම කිරීමට පියවර ගන්නා ලෙස වෛද්‍ය දිසානායක මහතා පවසා සිටියේය.

views

869 Views

Comments

arrow-up