ගම්පහ නගරයේ වෙඩි තැබීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

ගම්පහ නගරයේ වෙඩි තැබීමක්

ගම්පහ නගරයේ වෙඩි තැබීමක්

ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළක් අසලදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයකට මෙලස වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ(15) රාත්‍රී කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

 

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් ඇත.

 

වෙඩි තැබීමෙන් ඔවුනට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.

 

වෙඩි වැදීමෙන් වෑන් රථයට පමණක් අලාභ සිදුව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

 

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

views

84 Views

Comments

arrow-up