විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර හමුවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර හමුවීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර හමුවීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර ඊයේ (09)   හමුවීමක් සිඳුව තිබේ. 

 

එහිදී ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර  වෙළඳ කටයුතු  පිළිබඳව සාකච්ඡා කර ඇත.

 

” ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය සමඟ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාර්ථක සාකච්ඡාවක්  පැවැත්වූයෙමි . ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට සහාය වන නව අවස්ථා විවර කරන සහ දෙරටේ ජනතාව වෙත එහි සැබෑ ප්‍රතිලාභ සලසන සාධාරණ, අනාගතවාදී හවුල්කාරිත්වයක අවශ්‍යතාව එහිදී අවධාරණය කළෙමි. ”  

 

යනුවෙන් විපක්ෂ නායකවරයා සිය X ගිනුමෙහි සටහනක් තබා තිබේ . 

views

68 Views

Comments

arrow-up