දෙදෙනෙකුට මරු කැඳවූ මොටර් රථ අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

දෙදෙනෙකුට මරු කැඳවූ මොටර් රථ අනතුර

දෙදෙනෙකුට මරු කැඳවූ මොටර් රථ අනතුර

ගලෙන්බිදුනුවැව - කැකිරාව මාර්ගයේ ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගෝමරන්කල්ල පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටි හුරුළු වැවේ වම්ඉවුර ඇළට වැටීමෙන් සිදුවු අනතුරකින් එම මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මිය ගොස් තිබේ.

 

අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිදුනුවැව, කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු පියකු වු ලලිත් ප්‍රසන්න වීරසිංහ සහ 42 හැවිරිදි එක් දරු පියෙකු වු ඩීමන් සෙනවිරත්න යන ඥාතිත්වයෙන් මස්සිනාලා දෙදෙනෙකු බව පොලිසිය කියයි.

 

කුඩා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වී අවශ්‍යතාවයක් සඳහා ඥාතියෙකුගේ මෝටර් රථයක් රැගෙන ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

 

මාර්ගයෙන් ඉවතට පැන ඇති මෝටර් රථය විදුලි රැහැන් කනුවේද හැපි ජලය පිරී තිබූ වම් ඉවුර ඇළට වැටී ඇත්තේ රෝද හතර උඩට සිටින ලෙසටය.

 

එම නිසා මියගිය පුද්ගලයන් වාහනයෙන් එලියට ගැනීම සඳහා අනතුර සිදු වූ මාර්ගයේ විදුලියද විසන්ධි කරවීමට පොලිසියට සීදුවී තිබිණ.

 

වාහනය තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා එළියට ගෙන තිබුණ මුත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගලෙන්බිදුනුවැව පොලිසිය වැඩිදුරටත් කීය.

views

726 Views

Comments

arrow-up