ප්‍රදේශ රැසකට මි.මි. 100 ඉක්මවූ තද වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
03

ප්‍රදේශ රැසකට මි.මි. 100 ඉක්මවූ තද වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

ප්‍රදේශ රැසකට මි.මි. 100 ඉක්මවූ තද වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත. එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී(මාර්තු 04 සහ 05 දින වල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී.

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹසහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.  

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-55) පමණ දක්වා වැඩි විය හැක.

 

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ   ත්‍රිකුණාමලය සිට මඩකලපුව   සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

views

693 Views

Comments

arrow-up