එන්නත් දෙකම ගත් අයට තුන්වැනි මාත්‍රාවක්

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එකක්) ලබාදීමට රජයේ අවධානය යොමුවී තිබේ.
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම්දී ඇති බවයි.
එසේ ලබාදීමට අවශ්‍යවේ නම් ලබාදෙන එන්නත කුමක්ද, ලබා දෙන ආකාරය සහ ලෝකයේ වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේද යන කරුණු පිළිබඳව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් පාලනයට ගත යුතු සහ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා කෝවිඩ් මර්දන කමිටුව හමුවේ ප්‍රකාශකල බවද චන්න ජයසුමන මහතා පැවසුවේය.
ඊශ්‍රායලය මේවන විට කොවිඩ් මර්දනය සඳහා තෙවැනි මාත්‍රාවක් එරට ජනතාවට මේ දිනවල ලබාදෙමින් සිටින බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
815 Views
Comments