තමන් වෙනුවෙන් දිවිපිදූ සැරයන් නිදන සොහොනට සිව්වැනි වතාවටත් විනිසුරු ඉලන්චෙලියන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
26

තමන් වෙනුවෙන් දිවිපිදූ සැරයන් නිදන සොහොනට සිව්වැනි වතාවටත් විනිසුරු ඉලන්චෙලියන් යයි

තමන් වෙනුවෙන් දිවිපිදූ සැරයන් නිදන සොහොනට සිව්වැනි වතාවටත් විනිසුරු ඉලන්චෙලියන් යයි

යාපනයේ මහාධිකරණ විනිසුරුව සිටි මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතාව ඝාතනයට පැමිණි වෙඩික්කරුගේ වෙඩි පහරින් දිවිපිදූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ සිව්වෙනි දානමය පිංකම විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

ඒ හලාවත ප්‍රදේශයේදී දානමය පිංකමෙන් පසු විනිසුරු ඉලන්චෙලියන් පොලිස් නිළධාරියාගේ දරුවන් හා කැටිව ඔහු නිදන සොහොන වෙත ගොස් තිබුණා.

 

මෙය ඉතා සංවේදී අවස්ථාවක් වුණා. 2017 ජූලි 22 දින යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේදී විනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම වෙඩි තැබීමෙන් විනිසුරුවරයාගේ ආරක්ෂාව භාරව ක්‍රියා කළ මෙම සැරයන් සරත් හේමචන්ද්‍ර දිවි පිදුවා.

 

ඒ ඔහු විනිසුරුවරයාට එල්ල කළ වෙඩිල්ල හමුවේ විනිසුරුවරයා බේරමින් දිවි දීම නිසාය මෙම සිද්ධියත් සමඟ විනිසුරුවරයා හැගීම් බර වී හඩා වැළපී තිබු අතර අය එවල කාගෙන් මනසෙහි ඇති කළේ දැඩි කම්පනයක් මෙම සිද්ධියෙන් පසු සැරයන් සරත්ගේ දරුමුණුබුරන්ගේ රැකවරණය විනිසුරුවරයා විසින් භාර ගැනීමද විශේෂත්වයක්

views

888 Views

Comments

arrow-up