අ.පො.ස සාමන්‍ය පෙළ කල් යයි

2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටී.
ඒ අනුව එම විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 සිට මාර්තු මස 03 වනදා දක්වා දිනවල පැවැත්වීමට තීරණය කර ඇත.
අද (26) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාගය මෙලෙස මාසයක කාලයක් කල් දැමීමමට තීරණය කළ බවය.
2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
1092 Views
Comments