කුසල්ට ඇප - රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව ඔහුව ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.
කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් 9 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.
ඊයේ (05) අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැද වූ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු මිය ගියේය.
අනතුරින් පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.
764 Views
Comments