මල, මුත්‍රා සහිත අපජලයෙන් සැකසූ බියර් දැන් වෙළෙඳපොළේ

බියර් යනු ලෝකයේ වඩා ත් ජනප්‍රිය බීම වර්ග අතර ඉහළින් ම ඇති බීමකි. බීර සැකසීම සඳහා ජලය විශාල වශයෙන් අවශ්‍ය වන අතර බියර්වල 90%ක් අඩංගු වන්නේ ජලයයි.
ජල අර්බුදයකින් පීඩා විඳින සිංගප්පූරුව ඊට කදිම විසඳුමක් සොයාගෙන තිබේ.
ඒ, මල මුත්‍රා සහිත අපජලයෙන් යොදාගෙන බියර් නිෂ්පාදනය කිරීම මගිනි.
NewBrew යනුවෙන් නම් කර ඇති මෙම විශේෂ බියර් වර්ගය සඳහා යොදා ගන්නේ, සිංගප්පූරුවේ අපජලය යි.
ඒ සඳහා භාවිත කෙරෙන පිරිපහදු කරන ලද අපජලය NEWater ලෙස නම් කර තිබේ.
මෙම බියර් පානය කිරීමෙන් පසු අතිශය මිහිරි රසක් දැනෙන අතර ඒ සඳහා දෙස් විදෙස් වැසියන්ගේ විශාල ඉල්ලුමක් පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම බියර් නිෂ්පාදනයේදී ජර්මනියෙන් ආනයනය කෙරෙන උසස් තත්ත්වයේ බාර්ලි, මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය කිහිපයක් සහ නෝර්වේ රාජ්‍යයෙන් ආනයනය කෙරෙන විශේෂ ඊස්ට් වර්ගයක්ද භාවිතයට ගැනෙයි.
සිංගප්පූරුව වසර ගණනාවක් තිස්සේ ජල අර්බුදයකට මුහුණ පා සිටින අතර ඔවුන් පරිභෝජනය සඳහා යොදා ගන්නේ පිරිපහදු කරන ලද අපජලයයි.
1536 Views
Comments