දුම්රියේ ගැටුණු යතුරුපැදිකරුගේ හිස කඳෙන් වෙන්වෙයි - අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටුව ගැන බලධාරීන් මර නින්දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

දුම්රියේ ගැටුණු යතුරුපැදිකරුගේ හිස කඳෙන් වෙන්වෙයි - අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටුව ගැන බලධාරීන් මර නින්දේ

දුම්රියේ ගැටුණු යතුරුපැදිකරුගේ හිස කඳෙන් වෙන්වෙයි - අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටුව ගැන බලධාරීන් මර නින්දේ

කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලූපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරුපැදියක් දුම්රියේ ගැටී ඉකුත් 18 පස්වරු 6ට පමණ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතළ තුවාල සහිතව ගෙල කඳින් වෙන්වී එම ස්ථානයේදීම මියගොස් ඇති බව සීදුව පොලිසිය පවසයි.



මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පාර, කුරන, කටුනායක පදිංචිව සිටි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික ආයතනයක විදුලි කාර්මික නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටි 27 හැවිරිදි තිලාන් රෙවොන් විජේන්ද්‍ර ප‍්‍රනාන්දු නැමැති තරුණයෙකි.

 

මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් සවිකර නැත. දුම්රිය පැමිණෙන බව අනතුර අ`ගවන විදුලි සංඥා පද්ධතියක් සවි කර ඇතත් එය ක‍්‍රියාත්මක කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි ඒ පිළිබඳව විමසා සිටීමේ දී මීගමුව දුම්රිය විදුලි සංඥා පරීක්ෂණ කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේය.



සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන සීදුව පොලිසිය පවසන්නේ මෑත කාලයේ මෙම ස්ථානයේ මේ ආකාරයටම සිදුවූ දරුණු අනතුරු තුනක් වාර්තා වී ඇති බවය.



මියගිය අය මෙදින රාත‍්‍රියේ වැඩ මුරයට වාර්තා කිරීමට තම යතුරුපැදියෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය බලා යමින් සිටියදී කටුනායක දලූපොත පාරේ දුම්රිය හරස් මාර්ගයේ දී පුත්තලම සිට කොළඹ බලා ධාවයනය කරමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටී තිබේ.



හදිසි මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ බල ප‍්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එල්. සේනානන්ද මහතා විසින් පවත්වන ලදී. මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ඒ.පී.එම්. රණසිංහ මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.

 

හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතළ තුවාල ඇතුළු බහුවිදි තුවාල හේතු කර ගෙන මරණය සිදුවී ඇති බව මෙහිදී තීරණය විය.

 

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

759 Views

Comments

arrow-up