සෞඛ්‍ය නීතී කැඩු රාජ්‍ය - පෞද්ගලික ආයතන 473 කට නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

සෞඛ්‍ය නීතී කැඩු රාජ්‍ය - පෞද්ගලික ආයතන 473 කට නඩු

සෞඛ්‍ය නීතී කැඩු රාජ්‍ය - පෞද්ගලික ආයතන 473 කට නඩු

බස්නාහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 473 ට ඉදිරියේ දී නිරෝධායන සහ රෝග වලැක්වීමේ ආඥාපනය යටතේ නඩු පැවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයේ සදහන් සෞඛ්‍ය ආරක්ෂක නීති උල්ලංගනය කරමින් එම ආයතන පවතවාගෙන යාම හේතුවෙනි.

 

ඉකුත් (11) දින සිට ආරම්භ කළ විශේෂ පොලිස් මෙහෙයුමේ දී ඉහත ආයතන හදුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

 

මෙම මෙහෙයුමේ දී රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන 2823 ක් පරික්ෂාවට ලක්කර ඇති අතර ඒවා අතරින් සෞඛ්‍ය නිර්දේශ අනුව කි‍්‍රයා නොකරන ආයතන 473 හදුනාගෙන තිබු බව ඒ මහතා කියා සිටියේය.

views

642 Views

Comments

arrow-up