වන සංරක්ෂිත මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක් අනතුරේ

වනජීවී රක්ෂිත කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිමෙන් අක්කර 700ක කොටසක් සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ පවසනවා.
රක්ෂිත කලාපයක් පෞද්ගලික අංශයට මෙලෙස සංවර්ධන කටයුත්තක් සඳහා ලබා දුන්නේ කෙසේ ද යන්න පිළිබඳව උන්වහන්සේ ප්‍රශ්න කර සිටිනවා. මෙම අක්කර 700 ක පමණ භූමි කොටස ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය හරහා මුදල් ගෙවා පෞද්ගලික සමාගමක් විසින් අත්පත් කරගෙන ඇති බවට උන්වහන්සේ චෝදනා කර සිටිනවා.
එම තෙත්බිම් කලාපය වනජීවී රක්ෂිත කලාපයක් බවට නම් කර සඳහන් කර තිබූ පුවරු ද ගලවා දමා පෞද්ගලික ඉඩමක් යන්නෙන් සඳහන් කර ඇති බවත් එම පුවරු වහා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු හිමිපාණන් බලධාරීන්ට බලකර සිටිනවා.
ඒ සඳහා බලධාරීන් මුනිවත රකින්නේ නම් ගම්පහ ජනතාවගේ ජීවිත අවදානමට ලක්කරන මෙම ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළගස්වන බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ.
අද අගරදගුරු නිල නිවසේ මාධ්‍ය හමුවක් පවත්වමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා. 1991 වසරේ සිට විවිධ අවස්ථාවල මෙම මුතුරාජවෙල තෙත්බිම් කලාපයට බලපෑම් එල්ල වී තිබුණ ද අක්කර 700 තරම් විශාල බිම් කොටසක් විනාශ කිරීමට මෙලෙස පියවර ගෙන තිබෙන්නේ පළමුවරට බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.
591 Views
Comments