ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු කරන්නේ නැහැ - ජනපති නව වසර සුබ පැතුම්

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
නව රජය ගොඩ නගනු ලැබුවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිව බවයි නව අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
රටටටත් ජන මතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ සඳහන්.
මෙරට මෙන්ම එතෙර වෙසෙන සියළු ශී‍්‍ර ලාංකිකයින්ටත් ඔවුන්ගේ දු දරුවන්ටත්, එළඹුණු නව වසර රෝග පීඩාවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නව අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.
790 Views
Comments