තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

ඊයේ (28) සවස වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
තරුණියන් දෙදෙනා කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ මෙසේ ගැටී ඇත්තේ වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසලදීය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල්ට ඇතුළත් කර තිබේ.
රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 20ක් වයසැති උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අනෙක් තරුණිය මියගිය තරුණියගේ සහෝදරියයි.
325 Views
Comments