මහ බැංකු අධිපති එලවන්න ඕන නම් ඒ වෙනුවට මම යනවා - අලි සබ්‍රි

මහ බැංකුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ අලි සබ්‍රි මහතා ඊයේ(02) පාර්ලිමේන්තුවේදී දීර්ඝ අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.
එහිදී ඔහු පවසා සිටියේ " කාට හරි මහ බැංකු අධිපතිව ඉවත් කරන්න ඕන නම් මම පැත්තකට යන්නම්. එතුමාව තියාගන්න. ඔහු ගත් තීරණවලින් අද ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. බොරුවට මිනිස්සු පස්සෙ යන්න එපා. මේ වගේ නිර්භීත තීරණ ගන්න මිනිස්සු තියාගන්න ඕන. " ලෙසයි.
එමෙන්ම තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් තීන්දු තීරණ වලට වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවද එහිදී අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
217 Views
Comments