හාල් ටොන් 40,000 ඉන්දියාවෙන් ණයට

ඉන්දීය ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
එම සහල් තොගය තුළ නාඩු, කැකුළු සහ සම්බා යන සහල් වර්ග ඇතුළත්ව ඇති බවත් එම තොගය ලැබුණු වාහාම සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බව ද වෙළෙඳ අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.
693 Views
Comments