හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්තවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
01

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්තවෙයි

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්තවෙයි

හිටපු අමාත්‍යවරයකු වන ආතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (31) අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

 

පස්දරු පියකු වූ අතාවුද සෙනෙවිරත්න මහතා මිය යනවිට 90 වන වියේ පසු විය.

 

හෙතෙම ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ 1970 වසරේ රුවන්වැල්ල ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

 

පසුව සබරගමුව පළාත් සභාවේ මන්ත‍්‍රීවරයකු ලෙසත් එහි විපක්ෂ නායක සහ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ. අතාවුද සෙනෙවිරත්න මහතා 1999 දී සමසමාජ පක්ෂය අතහැර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය.

 

1989 දී යළි පාර්ලිමේන්තුවට පත් වූ අතාවුද සෙනෙවිරත්න මහතා පසුකාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායන හා මහින්ද රාජපක්ෂ රජයන්වල අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හෙබවීය. හෙතෙම 2015 දී දේශපාලනයෙන් ඉවත් විය.

 

අතාවුද සෙනෙවිරත්න මහතාගේ අවසන් කටයුතු පසුව තීරණය කරන බව පවුලේ ඥාතීහු පවසති.

views

718 Views

Comments

arrow-up