පෞද්ගලික බස්රථ 15,000ක් ධාවනය කළ නොහැකි තත්ත්වයට

මේ වනවිට පෞද්ගලික බස්රථ පහළොස් දහසක් පමණ ධාවනය කරවීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
දීර්ඝ කාලයක් ධාවනය නොකිරීම හේතුවෙන් මෙලෙස බස් රථ අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.
එම බස් රථ අලුත්වැඩියා කිරීමට රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළද බස්රථ ධාවනයට පියවර නොගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
සංචරණ සීමා හේතුවෙන් බස් රථ සේවකයන් පනස් දහසකට සහ බස් රථ හිමියන් 11,000 කට පමණ මේවන විට කිසිදු ආදායමක් නොමැතිව දැඩි දුෂ්කර තත්වයකට පත්ව ඇති බවත් විජේරත්න මහතා පැවසුවේය.
721 Views
Comments