කෝටි දෙකක් බෙදූ වයෝවෘද්ධ පුද්ගලයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

කෝටි දෙකක් බෙදූ වයෝවෘද්ධ පුද්ගලයා අත්අඩංගුවට

කෝටි දෙකක් බෙදූ වයෝවෘද්ධ පුද්ගලයා අත්අඩංගුවට

යාපනයේ උඩුප්පිඩි වදිරියන් පාරේ නිවසකදී  රුපියල් කෝටි දෙකක මුදලක් පළාතේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්යාාග කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

විදේශ රටක සිටින පුතෙකු විසින් තම පියාට රුපියල් කෝටි දෙකක මුදලක් එවා මේ දිනවල අසරණ තත්ත්වයට පත්ව සිටින පවුල්වලට එම මුදල එක් අයෙකුට රුපියල් 2000 බැගින් ලබා දෙන මෙන් පියාට දැණුම් දී තිබෙනවා.

 


 
වයෝවෘද්ධ පියා පවුලේ තවත් දෙදෙනෙකු සමග එම මුදල බෙදා දීම ආරම්භ කළ විට ආරංචිය ලද යාපනයේ වැසියෝ දෙදහසකට වැඩි පිරිසක් පැමිණ දිගු  පෝලිමක සිට මුදල් ලබා ගැනීමට පටන් ගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

views

16180 Views

Comments

arrow-up