මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
25

මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්

මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස්

රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

 

වසර 04 කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම තුළින් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ දී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

 

 

views

556 Views

Comments

arrow-up