“අළුපාට මරණය” ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන බිහිසුණු අනතුරු ඇඟවීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

“අළුපාට මරණය” ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන බිහිසුණු අනතුරු ඇඟවීම

“අළුපාට මරණය” ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන බිහිසුණු අනතුරු ඇඟවීම

ඊයේ(08) පෙරවරු 09.00 වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම් කරා ළඟා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත. 

 

වායු තත්ත්ව දර්ශකයේ පිළිවෙලින් 114 සහ 117 වාර්තා කර ඇති බත්තරමුල්ල, කොළඹ සහ මන්නාරම වෙත ‘මැජෙන්ටා’ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

යාපනය (81), මුලතිව් (80), කෑගල්ල (87) සහ දඹුල්ල (84) යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පැමිණ ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ‘දම් පාට’ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

 

පුත්තලම සහ හම්බන්තොට වායු තත්ත්ව දර්ශකයේ 44 සහ 43 වාර්තා කිරීමෙන් පසු සංවේදී කණ්ඩායම් සඳහා සෞඛ්‍යයට අහිතකර මට්ටම් ගැන අනතුරු අඟවන ‘තැඹිලි’ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

 

ඉන්දියාවේ සිට දූෂිත වාතය සුළං හරහා ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශයට ඇතුළු වී ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ඇතුළු ඇතැම් ප්‍රදේශ මේ වනවිට වාතයේ ගුණාත්මක භාවයේ දැඩි පහත වැටීමකට ලක්ව ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

views

243 Views

Comments

arrow-up