දුරකථන කුලූනේ තරංග ලෙඩ දෙන බව පවසා පවුලක් මාරාන්තික උපවාසයක

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 50 ජී සමුපකාර ගොඩනැගිල්ල අසල ස්ථාපිත කර ඇති දුරකථන කුලූණෙන් නිකුත් වන තරංග හේතුවෙන් විවිධ චර්ම රෝග සහ ලෙඩ රෝගවලට ගොදුරු වන බව පවසා එය ඉවත් කර දෙන ලෙසට ඉල්ලා සිටිමින් අවිත්තාව ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පවුලක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
පසුගිය මස 29 දින ජනක උනන්විට යන අය, ඔහුගේ බිරිඳ සහ පුතා විසින් ආරම්භ කරන ලද මෙම උපවාසය 06 වන දින සිට ඔහුගේ බිරිඳ වන හර්ශනි දිමුතු කුමාරි විසින් ආහාර ගැනීමෙන් වැළකී මාරාන්තික උපවාසයක් බවට පත් කරමින් උපවාසයේ නිරතව සිටී.
මේ දක්වා මේ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් විසඳුමක් ලබා නොදුන් බව ප්‍රදේශවාසීන් පවසයි.
1495 Views
Comments