අගමැති සමඟ පැවැත්වූ යුගදනවි සාකච්ඡා අසාර්ථකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

අගමැති සමඟ පැවැත්වූ යුගදනවි සාකච්ඡා අසාර්ථකයි

අගමැති සමඟ පැවැත්වූ යුගදනවි සාකච්ඡා අසාර්ථකයි

කෙරවළපිටිය යුගදනවි එල්. එන්. ජී. විදුලි බලාගාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකන් සමාගමකට පැවරීම පිළිබඳව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (23) පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් විය.

 

මෙම සාකච්ඡාවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ද තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු ද එක්වී තිබේ.

 

මෙහිදී හවුල්කාර දේශපාලන පක්‍ෂවල නායකයන් බලාගාරයේ සියයට 40 ක කොටස් ඩොලර් බිලියන 250 කට ඇමරිකානු නිව් පෝර්ට්රස් සමාගමට ලබාදීම තුළින් උද්ගතවන තත්ත්වයත් එයින් ඇතිවන ආර්ථික අවාසි ගැනත් රටට සිදුවිය හැකි අනර්ථයන් පිළිබඳවත් විදුලිබල ක්‍ෂේත‍්‍රයේ පවතින විවිධ මත පිළිබඳවත් කරුණු දක්වා තිබේ.

 

මෙහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ සමාගමට පවරා ඇත්තේ බලාගාරයේ කොටස්වලින් 40% ක් බවත් ආණ්ඩුවට හිමි බලය තුළින් රටට වාසි රැසක් අත්වන බවත්ය.

 

මෙම සමාගමට පැවරීමෙන් විදුලිබල ක්‍ෂේත‍්‍රයට වගේම ආර්ථිකයට ද වැඩි වාසි පවතින බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

 

මෙහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දෙපාර්ශ්වයේම කරුණුවලට මධ්‍යස්ථව සවන් දුන් බවද පක්‍ෂ නියෝජිතයෙක් පැවසීය.

 

බලාගාරය පැවරීම තුළින් රටටත් ආර්ථිකයටත් ඇති බලපෑම් පිළිබඳ හවුල්කාර පක්‍ෂ දිගින් දිගටම කරුණු දැක්වූ නමුත් මුදල් ඇමැතිවරයා ඇතුළු තවත් ඇමැතිවරුන් කිහිපදෙනකු එහි කොටස් පැවරීම වාසිදායක බවට තර්ක කර තිබේ.

 

සමාගමට කොටස් පැවරීම අත්හිටුවීම හෝ නැවත ගිවිසුම අවලංගු කිරීම පිළිබඳව මෙහිදී කිසිදු තීරණයකට එළැඹ නොමැත. කෙසේ වෙතත් තවදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී එකඟ වී ඇතැයි ද වාර්තා වෙයි.

 

මෙහිදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා "අපි අපේ මතය ඉදිරිපත් කළා මුදල් ඇමැති ඔහුගේ මතය කිව්වා. අගමැති මධ්‍යස්ථව කටයුතු කළා. අපි ජනාධිපතිතුමා පැමිණි පසු යළි සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ මතය ඇතුළත් කර පක්‍ෂ නායකයන් 11ක් පමණ අත්සන් කර ජනාධිපතිතුමාට ලිපියක් භාර දෙනවා" යැයි ද කීය.

 

මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන, ඇමැතිවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා හා මහාචාර්ය තිස්ස විතාරණ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ යන නායකයන් හා පක්‍ෂ නියෝජිතයන් කිහිප දෙනෙක්ද ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් ද සහභාගි වී ඇත.

views

985 Views

Comments

arrow-up