ඉල්ලීම් කළත් හිටපු ඇමතිලා නිල වාහන තවමත් භාරදී නෑ - ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර

හිටපු මැති ඇමතිවරු බහුතරයක් තවමත් තම නිල රථ ආපසු භාර නොදීම හේතුවෙන් වාහන කළමනාකරණය කරගැනීමේදී අමාත්‍යාංශ ලේකම්වරු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
තම නිල රථ හා පරිවාර රථ නැවත භාර දෙන ලෙස හිටපු ඇමතිවරුන්ට දැනුම්දී තිබුණත් ඔවුන්ගෙන් බහුතරයක් ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව එම ආරංචි මාර්ග හෙලිදරව් කරයි.
ඉදිරි සතිය තුළ එම වාහන භාර නොදෙන්නේ නම් සියලුදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින් සිටින බව මේ පිළිබඳව කළ විමසුමක දී රජයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
හිටපු මැති ඇමතිවරු බොහෝ දෙනෙකු ඔවුන්ගේ නිල රථ සහ ඇතැම් කාර්ය මණ්ඩල නිලධාරීන් පවා රඳවාගෙන සිටින්නේ තව ටික දිනකින් ඔවුන්ට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධුර ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බවත් ඉහත නිලධාරීයා වැඩිදුරටත් කියා සිටියේය.
237 Views
Comments