ටෙලි නිළියන් ගණිකා වෘත්තියේ යොදවන සුපිරි නලුවා සොයා මෙහෙයුම්

ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකු කොටුකර ගැනීමට පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම නළුවා බොහෝමයක්ම පොලිස් නිලධාරීන්ගේ චරිතවලට පණපොවන අයෙකු බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
පසුගිය දිනක වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, අලුතැපොළ ප්‍රදේශයේ උඩුමහලක පිහිටි ගණිකා නිවාසයක රැඳී සිටි තවත් ටෙලි නිළියක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජනප්‍රිය ටෙලි නළුවා ගැන තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කළමනාකරුගෙන්ද වලාන දූෂණ මර්දන ඒකකය ප්‍රකාශ සටහන් කොටගෙන තිබේ.
මෙහිදී අනාවරණය වී ඇත්තේ ටෙලි නාට්‍යවල රඟපෑම සඳහා තෝරාගන්නා ළාබාල නිළියන් මෙම නළුවා විසින් මෙම ස්ථානයට කැඳවාගෙන ගොස් කළමනාකරුගේද සහාය ඇතුව මුදලට නොයෙකුත් පුද්ගලයන්ට අලෙවි කරන බවයි.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වලාන දූෂණ ප්‍රහාරක බළඇණිය මෙම වැටලීම සිදුකර ඇත්තේ හවස්වරුවේයි.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන අවස්ථාවේදී විදුලිය විසන්ධිව තිබූ අතර පොලිස් නිලධාරීන් හඳුනාගත් සැකකාර නළුවා අඳුර මැදින් පලාගොස් තිබිණි.
අලුතැපොළ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම ගණිකා නිවාසයට සැකකාර ටෙලිනළුවා විසින් ටෙලි නාට්‍ය නිළියන් ගෙනැවිත් මුදලට ලබාදෙන බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත දින කිහිපයකට කලින් තොරතුරු ලබාදී තිබිණි.
සමහර ගැනුම්කරුවන් ඉටිපන්දම් දල්වාගෙන තරුණියන් සමඟ කාමරවල රැඳි සිටින බවද වාර්තාවේ.
අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යවල සහාය චරිත රඟපාන ළාබාල නිළියන් මුදලට විකිණීම මඟින් මෙම ටෙලි නළුවාද මුදල් උපයා ඇති බව කියති.
47961 Views
Comments