රසායනික පොහොර තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

රසානික පොහොර ආනයනය තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර , සමගි ගොවි ජන පෙරමුණේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී හැරිසන් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ මහතාය.
රසායනික පොහොර භාවිතය සහ ආනයනය තහනම් කරමින් අප්‍රේල් මස 27 වන දා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාව තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අමාත්‍ය මණ්ඩලය විසින් උගත් තීරණය බලරහිත කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
761 Views
Comments