බැංකු පොලිය ඉහල දැමීමෙන් ව්‍යාපාරිකයන් අමාරුවේ..- මුදල් රාජ්‍ය ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

බැංකු පොලිය ඉහල දැමීමෙන් ව්‍යාපාරිකයන් අමාරුවේ..- මුදල් රාජ්‍ය ඇමති

බැංකු පොලිය ඉහල දැමීමෙන් ව්‍යාපාරිකයන් අමාරුවේ..- මුදල් රාජ්‍ය ඇමති

 

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර ගැනීම අත්‍යාවශ්‍ය වුව ද ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව හෙතෙම අවධාරණය කරයි.

 

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

 

අදාළ බැංකු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු වෙතින් ඉල්ලීමක් කළේය.

 

රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සියලු රාජ්‍ය බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වී සිටියහ.

views

229 Views

Comments

arrow-up