ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන

රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර තිබේ.
නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
නීති විරෝධී සංක්‍රමනිකයින් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සංක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇත.
304 Views
Comments