මේක ගෝටාට එන්න හොඳ වෙලාව නෙවෙයි - ජනපති රනිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

මේක ගෝටාට එන්න හොඳ වෙලාව නෙවෙයි - ජනපති රනිල්

මේක ගෝටාට එන්න හොඳ වෙලාව නෙවෙයි - ජනපති රනිල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා.

ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ පිළිබඳ ප්‍රකාශ කර සිටියා.

ගෝටාභය රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ දී යළි දිවයිනට පැමිණියහොත් ආර්ථික අර්බුදය හේතු කර ගනිමින් ඔහුව නෙරපා හැරීමට පෙළගැසී සිටි දහස් ගණන් විරෝධතාකරුවන් යළි විරෝධතාවයක් ආරම්භ කළ හැකි බවයි එතුමා තවදුරටත් පෙන්වා දෙන්නේ.

එසේම අයි.එම්.එෆ්. අරමුදල් ලබාගැනීම සඳහා වන ගිවිසුම්වලට එලඹීමේදී කාර්යමණ්ඩල මට්ටමින් සාකච්ඡා සාර්ථක කර ගැනීම වැදගත් බවත් එම සාකච්ඡා අගෝස්තු මස අවසානය වනවිට සාර්ථක කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

views

236 Views

Comments

arrow-up