කාදිනල් හිමියන්ගෙන් බරපතළ අනාවරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

කාදිනල් හිමියන්ගෙන් බරපතළ අනාවරණයක්

කාදිනල් හිමියන්ගෙන් බරපතළ අනාවරණයක්

රට තුළ නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද්ගතව ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටිනවා.

මෝදර ශුද්ධ වූ ජාකොබ් මුනිදුගෙ දේවස්ථානයේ දිව්‍ය පූජා යාගයක් සිදු කරමින් උන්වහන්සේ මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.

" ජනවාරි මාසෙ එකොළොස් වැනිදා බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් කවුරුහරි ඇවිල්ලා තිබ්බා.ඒ වෙලාවෙදි බෝම්බ දැකපු මිනිස්සු ටික අල්ලගෙන ගියා.මාසයකට වැඩි කාලයක් හිර කරලා තියාගත්තා.ඒ බෝම්බෙ ගෙනාවේ ඒ මිනිස්සු නෙවෙයි.ඒක ගෙනාවේ ආරක්ෂක අංශ වල අයයි.ගෙනල්ලා අද වනතුරු ඒ ගැන පරීක්ෂණයක් හෝ කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.බෝම්බේ හොයාගත්ත මිනිස්සු බලෙන් සිරකරගෙන තියාගෙන ඒ මිනිස්සුන්ට ගැහුවා. ඒ මිනිස්සුන්ගෙන් බලෙන් අත්සන් කරව ගත්තා.ඒ බෝම්බේ තිබ්බේ එදා හිටපු රජයේ බලවත් අය.ඒගොල්ලො ගැන කිසිම පරීක්ෂණයක් නෑ." යනුවෙන් උන්වහන්සේ මෙහි දී බරපතළ අනාවරණයක් සිදු කර සිටියා.

views

258 Views

Comments

arrow-up