වැලන්ටයින් සාද වලට පොලීසියෙන් රතු එළියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

වැලන්ටයින් සාද වලට පොලීසියෙන් රතු එළියක්

වැලන්ටයින් සාද වලට පොලීසියෙන් රතු එළියක්

පෙබරවාරි 14 දිනට දී තිබෙනවා ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

 

නිරෝදායන නීති උල්ලංගනය කරමින් සාද සංවිධානය කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා විවාහ උත්සව ප්‍රධාන වශයෙන් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට හේතුවක් වූ බව පෙනී යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

එමෙන්ම එවැනි සම්භාෂණ සඳහා ඉඩ පහසුකම් ලබා දීමට හෝටල්හිමියන් කටයුතු නොකර සිටින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටී.

views

733 Views

Comments

arrow-up