ගවමස් කෑම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.. ගව ඝාතන තහනමට විරුද්දව උසාවි යනවා..- තවුහිද් ජමාද් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

ගවමස් කෑම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.. ගව ඝාතන තහනමට විරුද්දව උසාවි යනවා..- තවුහිද් ජමාද් (VIDEO)

ගවමස් කෑම අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්.. ගව ඝාතන තහනමට විරුද්දව උසාවි යනවා..- තවුහිද් ජමාද් (VIDEO)

ශ්‍රී ලංකාව තුළ ඝාතනය තහනම් කිරීමට විරුද්ධත්වය පළ කරන බව බවත් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය සඳහන් කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට මෙම යෝජනාව ඉදරිපත් කර සම්මත කර ගත්තේ කුමන කාරණාව පදනම් කරෙරැුනදැයි තවමත් නොදන්නා බව එම සංවිධානයේ සංවිධායක අබ්දුල් රාසික් මහතා පවසයි.
කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන මෙම තහනම පනවන්නට උත්සාහ කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ද ඔහු පැවසීය.
ප්‍රාණඝාතය නොකල යුතුය කියා කිසියම් ආගමක ඇත්තේ නම් එය ගව ඝාතනය තහනම් කිරීමට පමණක් සීමා නොවී මෙරට සියලු සත්ව ඝාතනය තහනම් කළ යුතු බවත් ඔහු යෝජනා කරයි.
ඉස්ලාම් ආගමිකයන් විසින් ඉස්ලාම් ආගම විසින් අනුමත කර ඇති ගව මස් ආහාරයට ගැනීමේ අයිතිය තම ආගමිකයන්ට ඇති බවත් එනිසා ගවයන් ඉලක්ක කරගෙන ගව ඝාතනය පමණක් තහනම් කිරීම තම අයිතිය උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි.
කිසියම් ජන කොට්ඨාසකට පරිභෝජන අයිතියට විරුද්ධ වීමට තවත් කිසිවකුට අයිතියක් නැතැයි ද ඔහු ගේ අදහසයි.
ඉස්ලාම් ආගමිකයන් ලෙස ඌරු මස් කෑම තහනම් කර ඇතත් තමන් කිසිදු අවස්ථාවක වෙනත් ආගමිකයන්ට ඌරු මස් කෑම තහනම් කරන්නැයි ඉල්ලා නැත්තේ ඔවුන්ට ඒ අයිතිය ඇති නිසා යැයිද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදි පැවති බවද මාධ්‍ය හමුවක් අමතමිනි.

 

 

#ගව_ඝාතනය නතර කොලොත් අපි උසාවි යනව..😮😮😮 පුලුවන්නම් නතර කරල පෙන්නන්න..😠🔫 #සිලොන්_තහුහිද්ජමාන්_සංවිධානය .😮

Posted by Target - ඉලක්කය. on Friday, September 11, 2020

 

views

778 Views

Comments

arrow-up