20ට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට

19 වන ව්යවස්ථා සංශෝධනය අහෝසි වීම සඳහා ඉදිරිපත් කළ 20 වන ව්යවස්ථා සංශෝධනය සඳහා සමගි ජන බලවේගය එයට එරෙහිව කටයුතු කරන බව පවසනවා. 20 වන ව්යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලකයෙන් බිහි කිරීමේ පළමු පියවර බව සමගි ජන බලවේගය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය සංශෝධනය කිරීම, හදිසි පනත් ගෙන ඒම පිළිබඳ වූ විධි විධාන සංශෝධනය කිරිම වැනි යෝජනා තුළින් දිස්වනුයේ රාජ ආණ්ඩුවක මූලික ලක්ෂණ බවයි.
ජනතාව ශක්තිමත් කිරිම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරණ ප්‍රයත්නය මෙහිදී පෙනෙන බව ඔවුන් කියා සිටිනවා.
මෙය 2015 දී ලබාගත් ජනතා ජයග්‍රහණය ආපස්සට ඇදීමක් බව ඔවුන් පෙන්වා දෙනවා. එහි නීතිමය ක්‍රියාවලිය තුළ පරාජය කිරීමට ගත හැකි සියලුම පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා.
968 Views
Comments