විහාරස්ථානයකදී දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක වසරක සිර දඬුවමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
09

විහාරස්ථානයකදී දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක වසරක සිර දඬුවමක්

විහාරස්ථානයකදී දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක වසරක සිර දඬුවමක්

අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබෙනවා.

 

එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු බවත් මෙම පුද්ගලයා විසින් 2013 වසරේ ජූනි මස 01 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම පිරිමි දරුවා අපයෝජනය කර තිබෙන බව අධිකරණයේදී අනාවරණය වුනා

 

චිත්‍ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06ක් ගොනු කර තිබුණා.

 

ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ.

views

726 Views

Comments

arrow-up