සාමය කැඩුවොත් පොලිසිය ලෑස්තියි

කවර හෝ කණ්ඩායම් සාමය කඩකරමින් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලැබුහොත් අවස්ථානුකූලව ඒ මොහොතේම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර පැවසීය.
විරෝධතා ව්‍යාපාරයන් සිදු කරන බවට යම්කිසි සංවිධානයක් ප්‍රකාශ කළ පලියට පොලිස් දෙපාර්තමේන්තුව කලබල නොවන බවද හෙතෙම පැවසීය.
දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වැඩි කාලයක් පොලිසියට ගතවන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාර පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අනුව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.
විරෝධතා ව්‍යාපාරවලට පොලිසිය මුහුණ දෙන ආකාරය පිළිබඳ පොලිස් නිලධාරීන්ට උපදෙස් මාලාවක් ලබාදී ඇතැයිද පොලිසිය කියයි.
188 Views
Comments