JUL
27
සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවිය යුතු දිනය ප්‍රකාශ කරයි

සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කර ඇත.
අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී තිබීම හේතුවෙන් මේ තීරණය සදහා පැමිණ ඇත.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
1016 Views
Comments