වියට්නාමයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් - දිල්ලිය තවත් සතියකට වැසේ

වාතය හරහා ඉතා වේගයෙන් පැතිර යන භයානක කොවිඩ් ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගත් බව වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍ය එන්ගුවෙන් තාන් ලෝන් මහතා ප්‍රකාශ කළා.
මෙය බ්‍රිතාන්‍ය සහ ඉන්දීය කොවිඩ් ප්‍රභේදවල මිශ්‍ර වූ නව ප්‍රභේදයක් බවයි වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ලෝකයේ කොරෝනා වෛරසය පාලනය කළ රටවල් අතරට වියට්නාමය ද එක් වී තිබුණු අතර ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 143 දෙනකු වාර්තා වී තිබුණා.
නව ප්‍රභේදය සොයා ගැනීමත් සමග මේ දක්වා කිසිඳු මරණයක් වියට්නාමයෙන් වාර්තා වී නැහැ.
ඒ අනුව එරට කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 47 ලෙසයි. මේ අතර ඉන්දියාවේ දිල්ලි නගරය හෙට දිනයේ විවෘත කිරීමට නියමිතව තිබුණා.
නමුත් එය තවත් සතියක කාලයක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සංචරණ නීති ජූලි මස 7 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ගත වූ පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 174 041ක් සහ කොවිඩ් මරණ 3614 ක් වාර්තා වුණා.
936 Views
Comments