යකඩ යකා වේයන්ගොඩදී සරසවි සිසුවියගේ ඇඟිල්ලත් අරන් යයි

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකින් දුම්රිය මාර්ගයට ඇද වැටී ඊයේ (04 ) වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී තරුණියක තුවාල ලබා ඇත.
අනතුරට ලක්වූ තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් බවත්, ඇය මෙම අනතුරෙන් අනූනවයෙන් තම ජීවිතය බේරාගත් නමුත්, වම් පාදයේ මාපටැඟිල්ල දුම්රියට හසුවී ඇත.
තරුණිය මෙම අනතුරට ගොදුරුව ඇත්තේ පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ ‘ෆවුසි’ නමින් හඳුන්වන දුම්රියෙන් අලව්ව සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.
සෙනසුරාදා සිට ක‍්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය ඊයේ (04) උදේ 6 ට නිමවීම නිසා සියලූම දුම්රියන් ප‍්‍රමාදයට ලක්වූ අතර පෙරවරු 6.30ට වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත වූ ‘ෆවුසි’ නමැති මෙම දුම්රිය අධික මගීන් පිරිසක් රැුගෙන වේයන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ ඊයේ පෙරවරු 09 ට පමණය.
එහිදී අදාළ තරුණිය මගීන් පිරිසකට බැසීමට වේයන්ගොඩදී වේදිකාවට බැස ඉඩදී ඇති නමුත්, යළිත් නැඟ ගැනීමට ප‍්‍රමාද වී පාපුවරුවේ ගමන් කරද්දී දුම්රිය වේදිකාවත් ධාවනය වූ දුම්රියත් අතරින් දුම්රිය මාර්ගයට ඇද වැටී ඇත.
දුම්රිය මගීන් පිරිසක් හා දුම්රිය ආරක්ෂක අංශය විසින් වහාම තරුණිය වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇත.
713 Views
Comments